උස නං සිකුරුටි මිටි නං කම්කරු
මූණ දෙස බලා ගත දෙස බලා තනතුරු පත්වීම් ලබා දීම පිළිබදව පසුගිය වසර කිහිපයකට පෙර සමාජය තුළ හාස්‍යයට නැගුණු වදනකි උස නං සිකුරුටි මිටි නං කම්කරු ප්‍රකාශය. ඇත්තෙන්ම එය හාස්‍යයට වඩා දියුණු ජන සමාජයක නොවිය යුතු ක්‍රියාවකි. එහෙත් මෙරට ගොහොරු දේශපාලන ක්‍රමය විසින් එය දිගින් දිගටම පවත්වාගෙන එනු ලැබූ සංස්කෘතියක් මෙන් විය. සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රකාශයට එකල ප්‍රබලතම ප්‍රතිප්‍රාහරකයා වූයේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වූ ජවිපේයි. ඇත්තෙන්ම පුද්ගලයකුගේ සුදුසුකම් විමසා නොබලා ලබා දෙන එවැනි දේශපාලන පත්වීම් නිසාවෙන් දශක ගණනාවක් මුළුල්ලේම මෙරට රාජ්‍ය යාන්ත්‍රණය මොටව දුර්වලව එකතැන දුවන යන්ත්‍රයක්ම බවට දැන් පත්ව තිබේ. ඒ නිසාවෙන් එවැනි පත්වීම් හාස්‍යයට ලක් කර හෝ නවතා දැමීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව වර්ථමාන ආණ්ඩුවේ මංගල අයවැය කතාවේදි ජනාධිපති අනුර කුමාර දිසානයක යළි කිසිදු දේශපාලන පත්වීම් රාජ්‍ය අංශය කෙරෙහි නොරකරන බවට පවසා සිටීම ඇත්තෙන්ම අගය කල යුතු ක්‍රියාවකි.
කෙසේ නමුත් ලියුම්කරුගේ මෙම ලියවිල්ලෙන් කතා බහට ලක් කරන්නේ එවැනි දේශපාල පත්වීම් සාමන්‍යකරණය වූ යුගයක එයට හසු නොවී ඉන් පරිභාහිරව අභ්‍යන්තරික අයදුම්පත් කැදවීමකින් තම අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසු කම් පෙන්වා මාධ්‍ය ඉහල පුටුවකට ආ තරුණ මාධ්‍යෙවේදිනයකට සිදුවූ අසාධාරණයක් පිළිබදවයි. ඇය සුමුදු චතුරාණි ජයවර්ධනයි. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) සිළුමිණ පුවත් පතේ වසර ගණනාවක් නියෝජ්‍ය කර්තෘ ධූරය හෙබවු ඇය පසු ගිය දිනක එම තනතුරින් ඉවත් කර එම ආයතනයේ මාධ්‍ය ඇකඩමිය වෙත මාරු කර යවා තිබීම යුක්ති සහගත ක්‍රියාවක් නොවේ යැයි. බොහො දෙනා අතර කතා බහට ලක්ව තිබේ. ඒ පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද එහි ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව ලිපියක් වර්තමාන ජන මාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙතටද යොමු කර තිබේ.
ඕනෑම පුද්ගලයකුට ඕනෑම දේශපාලන මතයක් දැරීමට දෘෂ්ටිවාදයක් කෙරෙහි විස්වාසය තැබීමට අයිතිය තිබේ. එය සුමුදු චතුරාණි ජයවර්ධනටත් එලෙසමය. ඇය සිළුමිණ නියෝජ්‍ය කර්තෘ වුවා කියා ඇගේ දේශපාලන මතය පවතින ආණ්ඩුවට අනුකුලව වෙනස් කරගත යුතු නැත. (ආණ්ඩුවේ පත්තරයක ආණ්ඩුවේ මතයම යන්න ඕනෑය කියන පටු ගෝත්‍රවාදී චින්තනයෙන් අපේ මාධ්‍ය කවදා නං නිදහස් වේද?) කෙසේ නමුත් ඇය තම තනතුරේ සිටිමින් ඇයට පවරනු ලබන රාජකාරීමය පැවරුම් හිතා මතා මගහැරියේ නම් හෝ ඒවා විකෘති කලේ නම් ඒ සම්බන්ධව ඇයට එරෙහිව නිසි පරිදි විනය ක්‍රියාමාර්ගයක් ගෙන එයට අනුකූලව කටයුතු කිරීම විනා සභාපතිවරයාට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඕනා පරිදි ඇයව තනතුරින් පහකර දැමීම කිසිසේත් දියුණු මිනිස් ක්‍රියාකරකමක් ලෙස සැළකිය හැකිද?
ඇය මේ වන විට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සටහන් කිරීම යෝග්‍ය නොවේ. එනමුත් හතරවෙනි ආණ්ඩුව සේ සළකන මාධ්‍යත් එය හසුරුවනු ලබන මාධ්‍යවේදීන්ටත් මෙරට ඉතිහාසය මුලුල්ලේම හිමිව තිබෙන්නේ නම් ඉතා පහසු අසුනක් නම් නොවේයි. රිචඩ් ද සොයිසාගේ සිට ලසන්ත වික්‍රමතුංග, තාරකි සහ එක්නැළිගොඩ දක්වාත් කීත් නොයාර්ගේ සිට පොද්දල ජයන්ත දක්වාත් ගවේෂණ මාධ්‍යෙවේදීන්ට මෙරට නං කිසිදා හිතකර භූමියක් නොවීය. එසේම විවිධ ආණ්ඩු මාරු වීම් නිසාවෙන් විවිධාකාරයේ පළිගැනීම්වලට නතුවූ සුමුදු චතුරාණි වැනි මාධ්‍යෙවේදීන්ද ඉතිහාසය පුරා මේ බිමේ තමනට සිදුවු ඒ අසාධාරණයන්ට එරහිව හඩ නගමින් ඒවාට යුක්තිය ඉල්ලා කොපමන හුදකලා සටන් හී නිරත වන්නට ඇත්ද? තමන්ගේ ප්‍රියතම දේශපාලඥයා , ප්‍රියතම පක්ෂය රට කරවන නිසා අසාධාරණයට ලක් වූ ඔවුන්ගේ එම යුක්තිය ඉල්ලා නගන හඩට නෑසු කන් ඇතිව අපිට මොකෝ උඹලා හති වැටෙනකං කෑ ගහපං කියා ඔවුන්ව හුදකලා කර සිටීම අප දැන්වත් නතර කල යුතු නොවේද?
නිලංක ඇලෙක්සැන්ඩර් (Alex)
🌸👍
ReplyDelete