බේකරිය හංදියේ ටයර් ගොඩක් උඩ දැවී ගිය අගුරු පාට මිනිසා
කොහොම නමුත් එදා රෑ සමල් හීනෙන් මාමාත් සමග තරගෙට අසල ගල්වලේ එහා ඉවුරේ සිට මෙහා ඉවුරටම පිහිනුවේය. ඒ පිහිනුම් තරගයෙන් මාමාව පැරදවු සමල් ජයග්‍රාහී ලීලාවෙන් හිස ඔසවා මාමා කොහේද කියා විමසා බැලීය. මාමා නැත. මාමේ.. මාමේ.. සමල් කෑගසයි. යලිත් ගල්වල දෙස බලන සමල්ට, ගල්වල මැද සොහොන් කොත් වාගේ ඉහලට එසවී තිබෙන පෙද පාසියෙන් වැසුනු ගලක් මත මාමා වාඩී වී සිටින ආකාරය පෙනෙයි. මාමා එතනට ගියේ කොහොමද? මාමාත් සමග තවකෙකු එතැන වාඩි වී සිටින බව සමල් දුටුවේ එවිටයි. කඵම කඵ මිනිසෙකු වෙන ඔහු මාමාගේ කරට අත දමාගෙන සිටියි. කවුද මේ අගුරුපාට මිනිහා. අගුරු පාට? සමල් වහාම ඒ මිනිසාව හදුනා ගනු ලැබීය. ඒ වෙන කිසිවෙකු නොව එදා බේකරිය හංදියේ ටයර් ගොඩක් උඩ ගිනිගෙන දැවී ගොස් සිටි මිනිසායි.
මාා...මේ.... සමල් මහ හඩින් කෑසයි.
ඒ සිහිනයේ තේරුම කුමක්ද? සිහිනවලට තේරුම් තියේද? උදෑසන තේ බොන සමල් කල්පනා කරයි. සුඵ මොහොතයි. කළබලයෙන් ගෙදරට දුවගෙන පැමිනි පේමා ඇන්ටි. සමල් දුටු ඒ සිහිනයේ තේරුම කදුඵ පෙරමින් හඬමින් පැහැදිලි කලේය.
නංගියේ..., අනේ ශිරෝ නංගියේ...,
අක්කේ.?
අනේ නංගියේ..,
අනේ ඇයි අක්කේ.., ඇයේ මේ...,?
පේමා ඇන්ටි කදුඵ පෙරමින් හඬයි. අම්මා කුමක් හෝ නරකම නරක දෙයක් සිදුවු බවට සක්සුදක් සේම තහවුරු කරගෙන තිබෙන අයුරු ඇගේ ඉරියව්වලින් දැන් පැහැදිලි වෙයි.
මොන අපරාධද නංගි මේ වෙන්නේ. අනේ අපේ සුජීත් මල්ලීව...
අනේ..., මගේ මල්ලී....,
අම්මාගේ විලාපයට ගේ තුල සිටි තාත්තා කළබල වී පැමිනෙයි. ඔහු පේමා ඇන්ටි දෙසත් විලාපදෙන අම්මා දෙසත් කුතුහලයෙන් බලයි.
ඇයි අක්කේ මොකද වෙලා තියෙන්නේ.? තාත්තාත් අසයි.
සුජිත් මල්ලිව මරලා.., ගල්වලට දාලා...,
එතැන් සිට සිදුවු සිදුවීම් සමල්ට මතක් ඇත. පිළිවෙලට මතකත් නැත. හරියට සිහිනයක සිදුවීම් වාගේය. එක පිට එක කෑ ගැසීම්, විලාප තැබීම් හැඩුම්, කාල ගෝට්ටියක් වැනි කතා බහා.
හෙන ගහන අපරාධ මේවා.., කොයි තරම් ලස්සන මනුස්සයෙක්ද.., කාටවත් කරදයක් නෑ.., හැමෝටම පුඵවන් විදියට උදව් කලා.., අනේ මල්ලීයේ මට දැන් කාගේ හයියක්ද.., පවු අනේ පොඩි එකාට දුක වැඩ කමටද කොහොද පැත්තකට වෙලා බලාගෙනම ඉන්නවා..., මේ කාලකන්ණි ආණ්ඩුව හැදිගෑවිලාම යන්න ඕනේ..,
සුජී මාමාගේ නිසල දේහය සමල් කම්පනයට පත්කරවුවක්ම විය. මහ මුහුදේ පවා කිසිදු බියක් නොමැතිව කිමිදෙන, අති දක්ශ පිහිනුම් ශූරයෙක් වුන සුජි මාමා. නිහඬ ගල්වලේ ජලය මත නිසලව පාවෙමින් ඉවුර අසලට ගොඩ ගසා තිබේ. ඔහුගේ ඇඟේ තිබුනේ යට ඇදුම පමණි. දකුණු කකුලේ ඇස්වටයට ඉහලින් ගැට ගසා ඇති රබර් පටි දෙකත් හිස් කොපුවත් පමණී. කිණිස්ස නැත. පිටුපසටකර ගැට ගසා තිබු මාමාගේ ශක්තිමත් දෑත තැනින් තැන පිහියකින් කපා තිබෙයි. ඒ නිසාම අවට ලේ විලක් බවට පත්වී තිබෙයි. නඵවෙක් මෙන් සුන්දර මාමාගේ මුහුණටම තබා තිබු වෙඩි පහර නිසාවෙන් ඔහුගේ මුහුණ ඉදිමී හදුනා ගත නොහැකි ලෙස විරූපී වී තිබෙයි. දස වද දී මරා දමා තිබු සුජී මාමාගේ නිසල දේහය දෙස තවදුරටත් බලා සිටිමට නොහැකි වු සමල් එක් වරම ක්ලාන්තව එතැනම ඇද වැටෙන්නට විය.
(ජෙගන් නවකතාව පිටු අංක - 100-101)
නිලංක ඇලෙක්සැන්ඩර්
Comments
Post a Comment