සාහිත්‍යය තුළින් ගොඩ නංවන අන්තර් සංස්කෘතික පාලම

 භාෂාව තුළින් හමුවීම යන මැයෙන් යාපනයේ ආදිරෛ් ප්‍රකාශන විසින් සංවිධානය කරනු ලැබු සමුළුව පසුගියදා එනම් 2022 මාර්තු මස 26 සහ 27 දෙදින පුරා අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෛ්පත්තුවේදි පවත්වන්නට යෙදුනි. මෙවර මෙම සමුළුවේ සංවිධාන කටයුතු  අක්කරෛයිපත්තුවේ මුස්ලිම් සහෝදරත්වය විසින් සිදුකරන ලදී. 

භාෂාව යනු සන්නිවේදනයේ ප්‍රධානතම අවියයි. භාෂාව තුලින් අප විසින් හුවමාරු කරගනු ලබන්නේ අදහස් පමණක්ම නොවේ. ඒ හරහා මානව ජීවිතයේ සෑම අවශ්‍යයතාවක්ම  එකිනෙකා අතර හුවමාරු කරගැනීමේ ඉඩ පවති. එවැනි අපූර්වතම ගති ලක්ෂණ සපිරි මානව භාෂාව අකුරු ලෙසින් හිස් කොළ අතරේ පුරවාලමින් සාහිත්‍යයකරණයේ නියැලෙන  සංස්කෘතීන් දිවිත්වයක් නියොජනය කරමින් මෙවර අක්කරෛයිපත්තුවේදි පවත්වන්නට යෙදුන මෙම සමුළුවට සහභාගිවීමට මාහටද ඇරයුමක් ලැබීම භාග්‍යයක් කොට සලකමි. 

මෙම සමුළුවේ දෙවන දිනය නම් කර ති⁣බුනේ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ දිනය ලෙසිනි.

එදින ප්‍රථම අර්ධයේදි දෙමළ බසින් සාහිත්‍යයකරණයේ නියැලෙන "අබ්දුල් ජමිල්" විසින් රචිත  "පරවෛයින් උඩයා නිළල්"

(පක්ෂියාගේ නොබිඳුණු සෙවණැල්ල )කාව්‍ය සංග්‍රහය එළි දක්වනලද අතර එහි ප්‍රථම පිටපත ඔහු විසින් පිළිගන්වනු ලැබුයේ සාහිත්‍යයවේදි Isuru Chamara Somaweera "ඉසුරු චාමර සෝමවීර" මහතාටයි. පරිවර්තකයින්ගේ සහයෝගයෙන් එම කාව්‍ය සංග්‍රහය පිළිබද තරමක් දුරට අවබොධයක් ලබා ගැනීමට මාහට අවස්ථාව ලැබු අතර එම කෙටි පරිවර්තනය ඇසීම නිසාවෙන් එවැනි කාව්‍ය සිංහලට පරිවර්තනය වුවානම් කෙතරම් අගනේදැයි මාහට සිතුනි

. ඉන් අනතුරුව ලේඛක Jiffrey Haasan   ජිෆ්රි හසන්ගේ මේ බුදුන්ගේ දේශයයි කෙටිකතාව මුල්කරගනිමින්  සංවාදාය ආරම්භ වූ අතර එහිදි ජිෆ්රිගේ ලේඛන දිවිය පිළිබද  මාහට ඉතා හොද අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණි

මේ බුදුන්ගේ දේශයයි කියවා සිටි මා හට එතැන සිටි මුස්ලිම් සහෝදරයින් ඉතා වැරවෑයමින් වුවත් අප සමග සිංහල උච්චාරණය කරමින් අප සමග කතා කිරීමත්,  අපට (ප්‍රධාන වශයෙන් මා හට) එලෙසින් එකදු දෙමළ වචනයක් වත් ඔවුන් සමග කතා කරීමට නොහැකි වීමත් නිසාවෙන් ජිෆ්රිගේ මේ බුදුන්ගේ දේශයයි කෙටි කතාව මා ඒ මොහොතේ ප්‍රායෝගිකව වින්දාක් වැනි වූ හැගීමකින් මා  පෙළන්නට විය. 

සමුළුවේ අවසාන කාර්තුව ⁣ප්‍රධාන වශයෙන්ම වෙන්කර තිබුනේ සිංහල සාහිත්‍යය උදෙසාම වීම තවත් එක් සුවිශේෂි ලක්ෂණයකි. එහිදි රිෂාන් සාරිෆ් M.rishan Shareef  විසින් දෙමළ බසට පරිවර්තනය කරන ලද Thakshila Swarnamali "ආචාර්ය තක්ෂිලා ස්වර්ණමාලි" විසින් රචිත "බීඩි" නවකතාවේ දෙමළ පරිවර්තනය ප්‍රථමවරට මෙරටදී ජනගත කිරීම සිදුකරන ලද අතර එම ජනගත කිරීමද සංවාදාත්මක අදහස් හුවමාරුවක් ලෙසින් පවත්වන්නට ⁣යෙදුනි. එහිදි දෙමළ සාහිත්‍යයවේදි "උමා වර්ධරාජන්"  මහතා විසින් තක්ෂිලාගේ බීඩී කෘතිය පිළිබද දීර්ඝ සහ අපූරු අදහස් දැක්වීමක් සිදුකරන ලදී. එසේම මානව හිමිකම්  කිුයාකරුවෙකු සේම සාහිත්‍යයවේදියෙකුවන "සිරාජ් මෂූර්" මහතාද ඒ පිළිබද තම අදහස ඉතා අපුරුවට දක්වන්නට යෙදුනි. 

 ඉන් අනතුරුව එළැඹයේ සමුළුවේ අප වඩත්ම ක්‍රියාකාරිව මැදිහත් වූ අංගයයි. එනම් පැමිණ සිටි පිරිස් සහ අප අතර ඇති වූ සාහිත්‍යයමය සංවාදාත්මක අවස්ථාවයි. පෞද්ගලිකව මා පුදුමයට පත්කරමින් එතැන සිටි දෙමළ බසින් සාහිත්‍යකරණයේ නියැළෙන සහ ඇසුරු කරන පිරිස් විසින් තක්ෂිලාගේ බීඩී කෘතිය පිළිබදව දැක්වූ ඒ සුබවාදි අදහස් සිංහල බසින් සාහිත්‍යයේ යෙදී සිටින සෑම දෙනාටම අපූරු පණිවිඩයක් ගෙන දුන්නාක් වැනි විය. එනම් ඔවුන් සිංහල සාහිත්‍යය කියවීමටත් ඒ අාශ්‍රිත සිදුවීම් පිළිබද වැඩි දුරට දැන ගැනීමටත් නොමද ආශාවක් සහ කැමැත්තකින් සිටින බවයි. 

අපගේ උණුසුම් සාහිත්‍යය සංවාදය නිමා කරමින් එයට තවත් අපූරු මානයක්ද එක් කරලමින් "චින්තක ගීතදේව" විසින් පැමිණ සිටි සියලුම දෙනාහට තම සංගීතයෙන් සංග්‍රහ කරනු ලැබිණි. ඔහුගේ එම කෙටි සංගීතමය සංග්‍රහය ⁣ඔවුන් සියලුම දෙනාහට නැවුම් අත්දැකීමක් වූ බව ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලි විණි. 

මෙම සමුළුව උදෙසා මා හට ආරාධනය කරනු ලැබූයේ යුරෝපයේ වෙසෙන දෙමළ බසින් සාහිත්‍යකරණයේ ⁣නියැලෙන Sayanthan Kathir  සයන්තන් කාර්තීර් සොහොයුරා විසිනි. එසේම ඔහුගේ දායකත්වය මත යාපනයේ ආදිරෛ් ප්‍රකාශන ආයතනයත්, අක්කරෛ්පත්තුවේ මෙම සමුළුව පුරාවටම අප සමග රැදෙමින් අපගේ සෑම අවශ්‍යයතාවක් කෙරෙහි උනන්දුවෙමින්ද දෙමළ බසින් සිහල බසටත් සිංහල බසින් දෙමළ බසටත් භාෂා පරිවර්තකයෙකුගේ දුෂ්කර කාර්යයද ඉතා සාර්ථකව කරමින් අපහට සහය දැක්වු Shathir Ahamed  වෛද්‍ය ෂාතීර් අහමඩ් මහතාටත් මාගේ කෘතවේදිත්වය පිරිනමන්නට කැමැත්තෙමි. 

අවසාන වශයෙන් මා හට පැවසීමට ඇත්තේ මෙවැන්නකි. සාහිත්‍යය තුලින් මිනිසුන් වෙනස් කල හැකියැයි මා කිසිසේත් විස්වාස නොකරමි. එනමුත් සාහිත්‍යය තුලින් මිනිසෙකුට තම ජීවිතය වෙනස් කර ගැනීමට අවශ්‍ය කම්පනයක් ලබා දිය හැකියැයි මා විස්වාස කරමි. ඒ මතයේ සිටි මා දෙදිනක් පුරාවට හිරු අවරට යනතෙක්ම පැවති එම සහිත්‍ය සමුළුවේදි මා මෙතෙක් හරිහැටි හදුනානොගෙන සිටි වෙනත් සංස්කෘතියක් පිළිබදව මා නොදත් කරුනු රැසක්  සාහිත්‍යය තුලින් සහෝදරාත්මකව හදුනාගන්නට හැකි වූ බව නම් කිව යුතුමය.

✍️ නිලංක ඇලෙක්සැන්ඩර් -






Comments