මිහිබට දෙවියන්

 වෙරදමා පොරකකා 

ගොඩ වු පසු බස්රථයට

වාඩිවිය ළගම අසුන මත 

හනිකට

 බලා වට පිට 

බියෙන් වසාගති දෙනෙත

යළි නැගිට දීමට සිදු වෙතැයි තම අසුන වෙනකෙකුට


"ෂික් මොකක්ද ඒ ගද.." ⁣


⁣නැහැය හකුලුවා දෙනෙත් විවර කල බැලු ඔහු නෙතග රැදුනේ.

කඩමලු ඇදගත්

දත්විලිස්සාගත්

අගුරු කළුවන් සිගන මිනිසෙක්.

දෑත පාමින් යදිමින්  සිගමන්..


"අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව"


දැනුනි පිළිකුලක් සිතට

බලාගති ඔහු වීදුරුවෙන් එපිට

දුටුවාමෙන් යමපල්ලෙක් මෙලොව


දඩ්ඩෝංංංං ....


කන් බිහිරි විය

දෑස් නිලංකාර විය

මරලතෝනි කෙදිරිලි

සැමතැනම රැව්දිණ

බුදුඅම්මෝ...අනේ....බේරගනියෝ.. බෝම්බයක්.. බෝම්බයක්...

නැගිට ගන්නට බැරිව

වෙරවෑයමින් සොයාගත් 

අසුන මතම 

ඇදවැටුනි ඔහු

නැවතත්..නැවත නැවතත් 

බදවටා අතයවා

හැඩි දැඩි දෑතින් ඔසවා

තබාගති ඔහුව සිය කරමත

කඩමලු ඇදගත්

දත්විලිස්සාගත්

අගුරු කළුවන් සිගන මිනිසෙක්.

දැනි අපමන සුවයක් 

ගතට සහ සිතට

නොවැටෙන්නට තදින් බදාගති

 ඔහු ඒ අගුරුකළුවන් මිනිසාව

දුටුවාමෙන් මිහිබට දෙවියෙක් මෙලොව.

Comments