සූරිය මර්තීන් තීප්පු පිළිබද කැනඩාවේ තායිවීඩු සඟරාවේ පළ වූ ලිපිය

 මවිසින් රචනා කරන ලද අහසට දමා ගැසු කවි කෙටි කතා සංග්‍රහය සම්මානනීය දෙමළ භාෂා පරිවර්තක රිෂාන් ෂරිෆ් විසින් සූරිය මර්තීන් තීප්පු ලෙසින් දෙමළ බසට පරිවර්තනය කරන ලදුව එය 2025 ජනවාරි චෙන්නායි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ එළි දක්කවන්ට විය. ඉන් අනතුරුව එම කෘතිය සම්බන්ධයෙන් දෙමළ පාඨක ප්‍රජාවගෙන් සැලකිය යුතු ප්‍රතිචාර ලැබීම මා හට අපමණ සතුටක් ගෙන දෙන්නක්ම වීය.

මේ අතරේ 2025 ජනවාරි මස කැනඩාවේ මුද්‍රිත දෙමළ සඟරාවක් වන තායිවීඩු සඟරාවේ මේ සම්බන්ධයෙන් ලිපියක්ද පළව තිබේ. එය දෙමළ සාහිත්‍යෙව්දියකු වන වන සිවරාසා කරුණාකරන් විසින් රචිත ලියවිල්ලකි. මේ සමග අමුණා ඇත්තේ එම ලියැවුමයි.

අවාසනාවකට මේ ලියැවුමේ අභ්‍යනතරයේ ඇති දේ පිළිබද මේ වන තෙක්  මා හට වැටහීමක් ලබා ගැනීමට නොහැකි වුයේ දෙමළ භාෂාව පිළිබදව මාගේ ඇති නොහැකියාව නිසාවෙනි. 

කෙසේ නමුත් මා පිළිබදවත් මාගේ කෘතියක් පිළිබදවත් විදේශ රටක සඟරාවක මෙවැනි වු ආකාරයක ලිපියක් පළ වීම කෙරෙහි මා තුළ ඇත්තේ නොමඳ සතුටකි. ඒ වෙනුවෙන් තායිවීඩු සඟරාවටත්, සිවරාසා කරුණාකරන් සහෝදරයා හටත් පරිවර්තක රිෂාන් ෂරිෆ් සොහොයුරා හටත් මාගේ කෘතවේදීත්වය මෙලෙස පිරිනමමි.

නිලංක ඇලෙක්සැන්ඩර් (Alex)

2025 ජනවාරි 23 දින.









Comments