රාසයියා පාර්තීපන්
රාසයියා පාර්තීපන් හෙවත් තීලිපන්. මාරාන්තික නොවන මාරාන්තික උපවාස කෙරුණ බිමක මාරාන්තික උපවාසයක නිරතව නිහාරව මිය ගිය මිනිසා තීලිපන් පමණි. යාපනය තිරුනෙල්වේලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු වු ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම් කරමින් 1987 සැප්තැම්බර් 15 දින යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල ඉදිරිපිටදි මාරාන්තික උපවාසයක් ආරම්භ කල අතර ඔහුගේ එම ඉල්ලීම් එවක රජය විසින් ලබා නොදීමත් සමගින් 1987 සැප්තැම්බර් 26 දින ඔහු නිහාරව මිය ගියේය.
ඔහු මිය ගියේ ඔහු විශ්වාස
කළ දේශපාලන දැක්ම උදෙසාය. අහිමි කරවමින් සහ මර්ධනයට නතුකරමින් තිබු ඔවුන්ගේ අයිතිවාසිකම්
වෙනුවෙන්ය. එම දැක්ම උදසා පෙනී සිටීම එයට විරුද්ධ පාර්ශවයට ත්‍රස්තවාදීත්වයකි. එහෙත් ඔවුන්ට එය වීරත්වයකි. ඒ
අනුව තම ජනයාගේ අයිතීන් උදෙසා මාරාන්තික උපවාසයක් කර මිය ගිය තිලීපන් ඔවුන්ට විරුවෙකි.
එය අප පිළිගත යුතුමය.
පසුගිය දිනෙක යාපනයට ගිය
විට නල්ලුර් කෝවිලට යාබදව ඉදිකර තිබූ තිලීපන්ගේ සමරු ස්මාරකය දුටු මා තරමක
විමතියට පත්විණ. කාලයක් මුලුල්ලේ යුද්ධය නිසාවෙන් මිය ගිය තම ඥාතින් සිහිපත්
කරමින් සමරු වඩසටහන් කිරිමට දෙමල වැසියන් දැරු උත්සහයන් විවිධ මැදිහත් වීම් මත කඩාකප්පල්
වූ අතර ඇතැම් සැමරුම් සදහ පහර දීම්ද වාර්ථා විණි. (තිලීපන් අනුස්මරණය කරමින් පොතුවිල්
සිට යාපනය දක්ව ගමන් කළ රථ පෙළපාලියට සැප්තැම්බර් 17 දා ත්‍රිකුණාමලයේදී එල්ල
වූ ප්‍රහාරය). එවැනි පසුබිමක් යටතේ තිලීපන් සමරු ස්මාරකයක් මෙලෙසින් නිරුපද්‍රිතව
තිබීම කෙරෙහි මාහට ශිෂ්ටාචාරගත හැගීමක් පහල විය. ඇත්තෙන්ම සිදුවිය යුත්තේද මෙයයි. මිය
ගිය තම ඥාතින් කාට කෙසේ වුවත් තමනට විරුවෙකි.
ඔවුන්ව මතක් කර ඔවුන්ව සැමරීමට ඔවුන්ට ගරු කරන ඔවුන්ගේ සමීපතමයන්ට අවස්ථාව තිබිය
යුතුය. මක් නිසාද යත්,
මළවුන් අනුස්මරණය අද ඊයෙක
පටන් ගත් චාරිත්‍රයක් නොව එය මානව ඉතිහාසය ආරම්භක යුගයේ සිටම පැවතගෙන එන චාරිත්‍රකයකි.
එම චාරිත්‍රයට වැට බැදීම නොමනා ක්‍රියාවකි. එය මිනිසත් කමට තරම් නොවේ. ඔවුන් දැන්
මිය ගොස්ය ඔවුන්ගේ ආත්ම දැන් නිදහස්ය. එබැවින් මිය ගොස් නිදහසේ සැරිසරන එම මළ ආත්මවලට
ජීවත් වන ඔබ බිය වන්නේ ඇයි? ඒවාට වෛර කරන්නේ ඇයි?
කෙසේ නමුදු තිලීපන්ගේ මෙම
සමරු ස්මාරකය මෙලෙසින් නොනැසි පැවතීම කෙරෙහි මා හට දේශපාලනික සැකයක්ද ඇතිවිණි. අනාගත
මැතිවරණයක් උදෙසා ඉලක්ක ගත ඡන්දය ලබා ගැනීමේ සුපුරුදු රැවටීමේ ක්‍රියාවලියක් මෙහි
යට ඇත්දැයි යන්න එම සැකයයි. කෙසේ නමුදු මෙරට වැසියන් දිගින් දිගටම දේශපාලනිකව රැවටෙන
සුලු ජනවර්ගයක් වන බැවින් එයද එසේ නොවිය හැකි යැයි කිසිවෙකුට කිව නොහැකිය. එනමුත් තම
අරමුණ වෙනුවෙන් තම ජීවිතය පවා කැප කළ මේ අධිෂ්ටානශීලි මිනිසාගේ සමරු ස්මාරකයට අනාගතයේ එවැනි
කිසිදු හානියක් සිදු වීමට ඉඩ නොදීම ශිෂ්ටාචාරගත සෑම මිනිසෙකුගේම යුතුකමක් කියා
සිතමි.
-Alex-
2024 මාර්තු 14
Comments
Post a Comment