අහසට දමා ගැසූ කවි - පුවත් පත් සටහන් දිවයින ඉරිදා සංග්‍රහය

දිවයින ඉරිදා සංග්‍රහය 2024 ඔක්තෝබර් මස 13 දින 



 “වැඩියෙන් විකිණෙන පොතකට 

වඩා සමාජය වැඩියෙන් රිදවිය 

හැකි පොත වඩාත් අනඟියි.” නිලංක 

ඇලෙක්සැන්ඩර්ගේ අලුත්ම කෙටි කතා 

සංග්‍රහය අහසට දමා ගැසූ කවි කෘතියේ 

ඔහු එලෙසින් පවසයි. තම දේශපාලන 

දෘෂ්ටිය සාහිත්‍ය නිර්මාණ තුළින් සමාජය 

වෙතට ගෙන එන්නෙකු වන නිලංක 

ඇලෙක්සැන්ඩර් විසින් මීට පෙර රචිත 

කෘතිද මෙරට ඉතිහාසයේ නිෂ්චිත 

දේශපාලන සහ සමාජයීය හැරවුම් ලක්ෂ 

පිළිබඳව ගැඹුරින් විමසා බැලූ කෘතීන් 

ලෙසින් පාඨක අවධානය ලබාගෙන 

තිබෙයි.

“කොළඹ ගිනි ගත්තේය. ඒ ගින්න

 ක්‍රමයෙන් රටේ සෑම තැනකටම 

අඩු වැඩි වශයෙන් පැතිර ගියේය. ඒ 

ගින්නේ ගිනිපුකුරු මෙරට ලක්ෂ 

ගණනකගේ ජීවිත හා දේපළ අහිමි 

කරවමින් අවසන මහා සංහාරයකින් 

නිමවෙන බව ඒ යුගයේ ජීවත් වුවත් 

යාන්තමින් හෝ නොසිතුවේ මන්ද ? එසේ 

වනු ඇති බවට දැන සිටි ස්වල්ප 

දෙනකුගේ ප්‍රගතිශීලී මැදිහත්වීම්වලට පවා 

එකල බහුතරය කන් නොදුන්නේ මන්ද?” 

අහසට දමා ගැසූ කවි- (පිටු 99)


මිනිස් චිත්තාභ්‍යන්තරයේ හට ගනු 

ලබන ආදරය, විරහව, පලිගැනීම සහ 

විඳවීම් යන අතීශය සංකීර්ණ 

මනෝභාවයන් තවදුරටත් පුද්ගල බද්ධවම 

පවතින්නක් නොව ඒවා බාහිර සමාජ 

හේතූ සාධක සමගද මුසුව පවතින්නක් 

බවට පසක් කරවන ආකාරයේ කතාංග

යන්ගෙන් සමන්විත අහසට දමා ගැසූ කවි 

කෙටිකතා සංග්‍රහය මෙරට ඉතිහාසයේ 

අරගල, රාජ්‍ය මර්දන, පශ්චාත් යුදමය 

කාල පාරාසයන් පිළිබඳව වර්තමාන 

සමාජය තුළ දැනුවත්භාවයක් ඇති 

කරවන්නා වූ කෘතියකි. අහසට දමා ගැසූ 

කවි මිනර්වා ප්‍රකාශනයකි.

✍️  චින්තනී වික්‍රමනායක

Comments