වසා දැමූ කතා - ජේ. ආර්. මර.මු.
ජේ. ආර්. මර.මු !
කිසිවෙකුටත් ජේ. ආර්. මැරීමට තබා ඔහුව බලයෙන් පන්නා දැමීමටවත් නොහැකි විය. ඔහු රිසිලෙස තම බලය බුක්ති විද අවසානයේදි තමන්ගේම දේශපාලන පක්ෂයේ කෙනෙකු හට බලය තහවුරු කරගැනීමට ඉඩ ප්‍රස්තාවද විවර කර දී දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. නමුත් තරුණ තරුණියන් රාශියක් මරා දැමීමට නම් ජේ ආර්ගේ පාළන කාලය තුළත් ඉන් පසුත් ක්‍රියාත්මක වු රාජ්‍ය මැදිහත් විමෙන් සිදුකරන්නට හැකි විය. උතුරේත් දකුණෙත් තරුණ තරුණියෝ විශාල පිරිසක් තමන්ගේ අයිතීන් උදෙසා නොබියව සටන් වැදීම නොනවත්වාම සිදුවිණි. එහි කෙළවර ඉතා සෝචනීයම වූයේය. නිළලත් රාජ්‍ය හමුදාවන් විසින්ද නිළනොළත් ආයුධ සන්නද්ධ රාජ්‍ය අනුග්‍රහය හිමි කල්ලි විසින්ද මේ තරුණ නැගිටීම් ඉතා කුරිරු ලෙසින් මර්ධනය කන්නට වූහ. එහි ප්‍රථිඵලය ලෙසින් රට පුරා තැන මහ මඟ මරා දමා ටයර් සෑ මත දවාලනු ලැබු තරුණ තරුණියන්ගේ සිරුරු ගොඩ ගැසෙන්නට වූහ. එසෙම සමුහයා ලෙසින් මරා වළ දැමු සමූහ මිනීවලවල්ද, විවිධ ස්ථාන වල පවත්වාගෙන ගිය වධකාගාරද ඒවාට රැගෙන ගියා යැයි ආරංචිය ලද සැනින් ඔවුන් නිදහස් කරදෙන ලෙසින් ඉල්ලමින් වැළපෙන මවුවරුන් පියවරුන් හා ඥාතින්ද, ඒ ඥාතින්ගේ දුක් කදුළු මතින් තම අනාගත දේශපාළනය සැළසුම් කරන්නට යෙදෙන දේශපාළඥයින්ගෙන්ද මේ යුගය වැසී ගියේය.
වසා දැමූ කතා
නිලංක ඇලෙක්සැන්ඩර්
Comments
Post a Comment