රහස් අසන්නට බලන්නට කැමති අයට රහස් කියන කදු
ඒ යුගයේ ඒ පිරිස් විසින් සිදුකරන ලද ඒ ක්‍රියාදාමයන් මේ වන විට මේ යුගයේ බොහෝ දෙනාගෙන් කෙමෙන් කෙමෙන් අමතක වෙමින් පවතියි. ඒවා බොහෝමයක් මේ වන විට රහස් ලෙසින් කදුවල පමනක් නොව ඇතැම් ක්‍රොන්කීට් ගොඩනැගිලි තුළද සැගවී පවතියි. නමුත් ඒ යුගයේ විප්ලවීය තාරුණ්‍යය රෝගයක් ලෙසින් සළකා එය මැඩලීමට වධකයින් විසින් සිදුකරනු ලැබු ඒ ම්ලෙච්ඡ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් එම අචේතනික වස්තු අපහට පවසනමුත් අවාසනාවකට අපට ඒවා ඇහෙන්නේ නැත. ඒ අප ඒවා අහන්නේ නැති නිසාවෙනි.
රහස් කියන කදු..., චිත්‍රපටයේ කතාව, තිර පිටපත මෙහෙම වුවා නම් හොදයැයි සිතෙන තැන් බොහෝමයක් මට තිබේ. ඒත් ඒ මං රහස් කියන කදු තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරානම්ය. දැන් එය ජගත් මනුවර්ණගේ රූපමය වියමනකි. එය ඔහුට හොදයි කියා සිතෙන විදියට පෙළ ගස්වන ලද කතාවකි, තිර පිටපතකි. ඒ නිසා රහස් කියන කදු චිත්‍රපටයේ කතාවේ සහ තිර පිටපතේ තිබෙන ඒ අඩුපාඩු ගැන නොකියා එක් යුගයක මෙරට තාරුණ්‍යයට අත් වූ ඛේදනීය ඉරමණ ගැන මෙලෙසින් හෝ කියාපෑමට ඔහු ගත් ඒ උත්සහයට මාගේ ආචාරය පුද කරමි. මා ඔබට රහස් කියන කදු බලන්න කියා නොකියමි. ඔබට එය බලන්න සිතෙනවා නම් කවුරු හා කිව්වත් එපා කිව්වත් ඔබ එය බලනවාමයි කියාද සිතමි. මා හට නං රහස් කියන කදු සිතට දැනුණු සිනමා නිර්මාණයකි.
නිලංක ඇලෙක්සැන්ඩර්
2023 නොවැම්බර් 20 දින
Comments
Post a Comment