මීදුං කදුළු

සීතලයි මීදුම 

පුළුන් වලාවක් වාගෙයි හරියට

හරිත පාටින් පාටට

තේ දළු යාය එක දිටම

සද්දෙට ගළා   යයි කිරිපාටට

⁣පෙන පිඩු මතු කරමින් දිය දහරාව සුද පාටට


ඈත මීදුම  අස්සෙන් තට්ටු තට්ටු

තේ පදුරු මැද්දෙන්  වංගු වංගු 

ඇග හිරිගඩු පිපෙප්දී  හෙමිහිට බිංදු බිංදු 

දළු නෙළයි ළදුන් සැමතැන ඇස රැන්දූ රැන්දූ 


කලු පැහැ වූ - රැලි ගැන් වූ

පිපිහළු වූ - දර දඩු වූ 

සීතල⁣යෙන් ගිණි ඇවිලූ

දුක් ගිණි කද - හිස රැන්දූ 


දළු මිටි කරමත රුවාගෙන

දවසේ දීමනාව ඉල්ලා ගැනීමට

පෝලිමට පැමිනෙනා ඒ ළදුන් කැළ

දුටු විට මහ දුකක් දැනුනි මට


පෝලිමට සිටගෙන මන්දාරම් සීතල වැස්සේ 

එනතෙක් තම වාරය ඉවසාගෙන කුසගිනි යුද්දේ

මළකඩ සිතුවම් ඇදි

ටකරං වහලින් සපිරි

දළු මඩුව ⁣වෙත පැමිණි 

ළදුන් බලා සිටියි බලාපොරොත්තුවෙන් සපිරි

විකුණා තම ශ්‍රමය පැක්ටේරියට

සැම⁣දෙන පිටව යයි ආයේ පෝලිමටම

අතරමග වැටී ඇති පරඩැල් අතුඉති දකිනා විට

අහුලා ගැට ගසා තබා ගනිති ඒවා තම හිස මතට


කුසගින්නෙන් හනි හනිකට ලැයිමට යන ඒ දළු නෙළු ළදුන්

ඈත ඉදන්  පොටෝ ගසති අපේ එවුන්

විදිනා මහ දුක් ගිණි කන්දර ඒ මිනිසුන්

පොටෝ ගසා විකුණන් කති අපේ එවුන්


දුටු විට වතු කම්කරුවන් විදිනා ඒ දුක් කම්කටොළු 

මීදුං මැදින් කඩා  හැලෙයි නෙත අග දිය අැලි සේ කදුළු

අකුරුවලට කොයි තරමට හැරවූවත් මේ අයුරු 

ගොතා නිමකල නොහැකිය ඒ මීදුං කදුළු.



Comments