අහසට දමා ගැසූ කවි - පුවත් පත් සටහන් සිළුමිණ
කර්තෘ – නිලංක ඇලෙක්සැන්ඩර්
ප්රකාශනය – මිනෙර්වා පබ්ලිකේෂන්
අහසට දමා ගැසූ කවි නිලංක ඇලෙක්සැන්ඩර් කතුවරයාගේ දෙවන කෙටිකතා සංග්‍රහයයි. මෙහි එන සියලු කෙටිකතා මිනිස් ජීවිතවල ස්වභාවය පිළිබඳ විවිධ අයුරින් දැකීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූවකි. මෙහි මූලික වශයෙන් මිනිස් සබඳතා, ප්‍රේමය හා ලිංගිකත්වය ගැන විවාදාපන්න අදහස් අන්තර්ගතය. මෙහි මතුපිටින් ප්‍රේමය, විරහව, ලිංගික ආකර්ෂණය, ලිංගික ඊර්ෂ්‍යාව ආදී මනුෂ්‍ය හැඟීම් පෙනුණද ඒ හැඟීම් පසුපස ඇති සංකීර්ණ සමාජ පසුබිම පිළිබඳ යටිපෙළ කතාව ගැඹුරුය. තිස්වසරක යුද්ධය, කළු ජූලිය වැනි තීරණාත්මක සමාජ ඓතිහාසික පසුතල සාධක මෙහි පසුබිමේ ලා කතුවරයා එළයි. මිනිස් චිත්ත අභ්‍යන්තරයත්, බාහිර සමාජයත්, පෞද්ගලික අත්දැකීම් සම්භාරයත් අතර ඇති පොදු බවේ රේඛාව කතුවරයා සූක්ෂ්මව හෙළි කරන්නේ මානුෂීය මුද්‍රාවක් ඒ කෙරෙහි තබමිනි. ආකෘතික හරඹයේ ලා බුහුටි බවක් පළ කරමින්, ඒකීයත්වය හා විවිධත්වය අතර පොදු ගැටලුව විසඳීමට කතුවරයා දරන උත්සාහය සාර්ථක බව කිව යුතුය.
Comments
Post a Comment