මානුෂිය වෙඩි උණ්ඩය

 ගිනියම් වු හිසින්

මහහඬ නංවමින්

හී සැරයක් ලෙසින්

ඇදී ආවෙමි

මා...

පවන දෙබෑ කරමින්

ලේ..

වේදනාව සමගින් කෙදිරිලි හඬ

මොහොතකින් නිහඬය

ජව බල තාරුණ්‍යය

එනමුත් සබඳ 

නැත මා අත කිසි වරදක් 

මානුෂිය නාමයෙන් රව⁣ටා

මුදාහරින ලද

මානූෂීය වෙඩි උණ්ඩයක් 

පමණි මම..


Comments