ජෙගන් ඇතුළත
"සෙත් වේවා..!
දයාබර ගුරුතුමිය, නිරංජලා මිස් වෙත ලියමි.
මිස් ම්ම සමල්, ආහ්...නෑ.. වැරදුනා, කූංචිතම්බ් ජේගන් සමලේන්ද්‍රන්.ඉස්කෝලෙ අයිවන්ගේ භාෂාවෙන් අඩි තඩි දෙමළෙක්.මිස්ට මාව මතකවත් නැතුව ඇති.ඒත් මට නං කවදාවත්ම මිස්ව අමතක වෙන්නෙ නෑ.මිස් මට එදා කිව්වා නේද? උඹ දෙමළ නං, උබේ භාෂාවෙන් විභාගේ ලියම්නෙ නැත්තෙ ඇයි කියලා.එහෙම වුණේ ඇයි කියලා මටත් තාම තේරෙන්නෙ නෑ මිස්.මං දෙමළෙක් වුන නිසා මේ සමාජයෙන් මාව කොන් වුණා...,මට දෙමළ ලියන්න කියන්න තෙරෙන්නෙ නැති නිසා ඒ සමාජෙනුත් මාව කොන් වුණා.
මාව එහාටත් මෙහාටත් නැති අයිති නැති මිනිහෙක් වුණේ මගේ මේ නම නිසා නේද කියලා හිතෙන වාරයක් පාසා මට, මගේ මේ නම වෙනස් කරගන්න හිතුණා. ඒත්, මිස් මිනිහෙකුගේ නම කියන්නෙ ඒ මිනිහව මනින උපකරණයක්මද..? මිනිසුන්ව ඒ අයට දාල තියෙන නම්වලින් මනින එක කොයි තරං අසාධාරණද..? එතකොට මනුෂ්‍යත්වය කියන එකෙන් මිනිසුන්ව මනින්නම බැරිද..? මං අද මේ ඉන්න තැන ගැන, මට මිස්ට අමුතුවෙන් ලියන්න හිතෙන්නෙ නෑ.මේ ලියුම් කවරයට වදින රබර් සීල් එකෙන්ම මිස්ට ඒ ගැන දැන ගන්න ලැබෙයි.ඒත් මිස් මට මිස්ගෙන් අහන්න එක ප්‍රශ්ණයක් තියෙනවා.මිස් එදා මගේ දිහා පිළිකුලෙන් බලාගෙන ඒ වගේ ජාතිවාදි කතාවක් කිව්ව එකෙන් මිස් ඇත්තටම බලාපොරොත්තු වුණෙ මොකක්ද..? ඒ දෙ ගැන මං මිස්ගෙන් ඉක්මණින් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.එහෙනම් මිස් මම නවතිනවා.
මීට,
සමල්. නෑ ජෙගන්.
සමල් දෙකට නැමූ ලිපිය කවරෙයේ බහා අදාළ ජේලර්වරයාට දුන්නෙය.නිරංජලා මිස්ට ලියූ ලිපියෙන් පසු සමල්ගේ සිතට තරමක සැහැල්ලුවක් දැනෙන්නට විය.ඔහු ඉතා උවමනාවෙන් ඊට පිළිතුරක් ලැබෙන තෙක් මග බලාගෙන සිටියේය. දින ගතවිය. සති ගතවිය.මාස ගතවිය. එත් සමල්ගේ ලිපියට නිරංජලා මිස්ගෙන් උත්තරයක් නම් ලැබුණේ නැත.."
ජෙගන්- (පිටු-113-114)
Comments
Post a Comment