ජෙගන් විචාර ප්‍රතිචාර 01
ජෙගන් ලියැවෙන ඉතිහාසයේ සමහර තැන් ගැන අපි ද සාක්ෂිකරුවෝ වෙමු. ඒ සාක්ෂීත්වය කෙතරම් බර ද යන්න මහ රාත්‍රියේ දිගු බව විඳි දෑස් දනී. ඇසිපිය වැසෙන ඇසිල්ලේ තිගැස්ම නිසා අවදි ව නින්ද නේන අසිපිය බර ඇත්තෝ මට හමුවී තිබේ. මේ සියල්ල වේදනාවේ කොටස් ය. වේදනාව දෙ ආකාර ය. ඒ සත්‍ය දැන නොදන්නා සේ ජීවත්වීමට සිදුවීමත්, ඒ සත්‍යයේ බරෙන් පෙළීමට සිදුවීමත් ය.
වසර තිහක යුද ම ය වපසරියක හෘදය සංවේදී බැඳීම් අතර ඝට්ටනයත්, ස්වකීය හෘදය සාක්ෂියේ බරත් එක්කර නිලංක ඇලෙක්සැන්ඩර් ලියන කෘතිය ජෙගන් ය. ඔහු ජෙගන් හරහා හෙවූයේ සසල වීමේ වේදනාවේ නිසලත්වයයි. ඒ නිවීම ඔහුට ලැබුණේ දැ යි අප සෙවූ වේදිකාව 'පොතයි හිතයි' වැඩසටහනයි. හෘදය සාක්ෂියක බර බිම තබන්නට වෑයම් කළ නිර්මාණකරුවකුගේ වේදනාව එහිදී ඔබට දැනෙනු ඇත.
✍️ සුමුදු චතුරාණී ජයවර්ධන -
Comments
Post a Comment