පෑන සමගින් උණ්ඩය
එක්තරා අවධියක දරුණු රෝගයක් සමාජය පුරා පැතිර යන්නට විය. එය කෙතරම් දරුණු වීද කිවහොත් වසංගතයක් බවට ටික කලකින්ම එය පරිවර්තනය විණි. වගකිවයුත්තන් දෙපිලකට බෙදින. එක් කණ්ඩායමක් මෙයට විසදුම ලෙස පෑන යොජනා කලහ. අනෙක් අය උණ්ඩය මෙයට එකම විසදුම බවට පැවසීය.
එතැන් පටන් පෑන සහ උණ්ඩය අතර තියුණු තරගයක් ඇතිවිය. ඉතා ඉක්මනින්ම මෙම රෝගය සුවකල යුතු යැයි සිතු උණ්ඩය අසුරු සැණින් මිනිසුන්ගේ ශරීර තුළට ඇතුල්වී රෝග නිධානය සොයන්නට විය. ඉතා සෙමින් වැඩ කරන පෑන හිස් පිටු අකුරු වලින් සෙමින් සෙමින් පුරවමින් රෝගයට විසදුම් සොයන්නට විය.
දින..දින.. සති..සති.. මාස..අවුරුදු සහ දශක ගණනාවක් ගතවී තිබේ.
උණ්ඩය දහස් සංඛ්‍යාත සිරුරු සිසාරා ගොස් තවමත් විසදුම් සොයති. පෑනද දහස් සංඛ්‍යාත හිස්පිටු කටුගාමින් පුරවමින් තවමත් විසදුම් සොයති.
Comments
Post a Comment