මගේ නොවන තෙක්

 අහස ගුගුරුවාළම්න් 

පොළව සළිත කරවාළමින්

නෙක රු සිත්තම් නුඹගැඹ මත 

අදිමින් මකමින්

ඇදී යයි රොකට්ටු

ගිනිගත් නාගයින් මෙන්

යුද්ධයේ මතුපිට ගිනිදැල්

බලා සිටිනා විට

ඇස්ගෙඩි ලොකු කරගෙන රුපතිරෙන්..

ආව්...කොහොමද ගැහිල්ල ....

ෂුහ්.. මල්ටි බැරල් 24ක් විතර යනවාලු එක විනාඩියකට. තව අලුත් ඒවා ගේන්න ඕනේ.. ගෙනල්ලා දෙන්න ඕනේ නැති වෙලාම යන්න.

දඩ්ඩෝංංං.. 

අනේ අම්මෝ මොකක්ද ඒ සද්දේ් ..

බයවෙන්න එපා අනේ අර ටකරං මඩුව උඩට වේලුනු පොල් ගෙඩියක් වැටිලා..

අප්පාාහ්.. මාව ගැස්සිලා ගිය තරමක්.. මේහ්..මතක් කරලා ඉක්මනටම  ඔය පොල්ටික කඩවලා දාන්න. පොඩි එකාගේ ඔලුවට වැටුනොත් එහෙම.


Comments